අවශ්‍යය දෑ
- මුදවපු කිරි
- තක්කාලි
- අමුමිරිස්
- කුකුල් මස් - කටු රහිතව පපුව පෙදෙස ගන්න 350-400g පමණ
- ලූණු පේස්ට්- ලූණු කපා වතුර දමා බ්ලෙන්ඩ් කර ගන්න.පේස්ට් එක කෝප්පයක් පමණ අවශ්‍යයි
- ලුණු
- පොල්තෙල්
- කුරැදු කුඩු
- කහකුඩු
- ගරම් මසාලා
- ගම්මිරිස්
- පොල් කිරි කොප්පයක් පමණ
- කොත්තමල්ලි කොළ
- පෑන් එක රත් කර තෙල් එකතු කර ගන්න.එයට කුරැදු කුඩු කුකුල් මස් ටික දමන්න.ලුණු ගම්මිරිස් ද කහකුඩු ගරම් මසාලා දමන්න. හොදින් පිස ගන්න.
- කුකුල් මස් තැම්බීගෙන එන විට ලූණු පේස්ට් එක එකතු කරන්න.පොල්කිරි ස්වල්පයක්ද දමා නැවතත් හොදින් පිස ගන්න.
- අවසානයේ තක්කාලි අමුමිරිස් කොත්තමල්ලි කොල එකතු කරන්න.
- ලිප නිවන්නට ලං වන විට මුදවපු කිරි 50-75g පමණ එකතු කර විනාඩි 1 1/2 පමණ පිස ගන්න.
- දැන් සරසලා මේසයට යවන්න.












0 comments:
Post a Comment