Home »
» ලේසියෙන්ම Chocolate Doughnut හදමු.
By kesaralanka September 18, 2013
අවශ්‍යය දෑ
- පාන් පිටි 500g
- බිත්තර 1
- යීස්ට් 15g
- කිරිපිටි 50g
- සීනි 75g
- වතුර 750ml
- මාගරින් 50g
- ලුණු අවශය පමණට (15g පමණ)
- වැනිලා ස්වල්පයක්
Doughnut එක හදන විධිය බලමු
- පිටි සහ මාගරින් එකට දමා හොදින් අතින් කලවම් කරන්න.එයට සීනි ලුණු දමා නැවතත් කලවම් කරන්න.යීස්ට් හා කඩාගත් බිත්තර 1 වැනිලා ස්වල්පයක් කිරිපිටි දමන්න.හොදින් අතින් කලවම් කරන්න.
- අවසානයේ වතුර දමමින් Dough එක හදාගන්න.හොදින් අනාගන්න.වතුර වැඩි කර ගන්න එපා.අතේ ඇලෙන් නැතිව තියෙන්න ඕන.
- ඉන්පසු ලෑල්ලක පිටි තවරා Dough එක රෝලර් පින් එකකින් තුනී කර ගන්න.අගල් 1 පමණ ඝනකම සිටින සේ තුනී කරගන්න.
- cutter එකකින් රවුම් කපා ගන්න.එම කපා ගත් රවුමේ මැදින් නැවතත් කුඩා රවුමක් කපා ඉවත් කර ගන්න.බොතල් පියනකින් උනත් පුඵවන්.
- කපාගත් doughnuts විනාඩි 10ක් පමණ තියන්න.
- පෑන් 1කට තෙල් දමා ගැඹුරැ තෙලේ බැදගන්න.
Sauce එක හදන විධිය බලමු.
අවශ්‍යය දෑ
- Fresh milk 200ml
- කුකින් චොකලට් 200g. සිහින් වන සේ ගාගන්න
සාදන ආකාරය
- fresh milk පෑන් එකකට දමා උණු කරගන්න.එයට කුකින් චොකලට් දමා උකු වන තෙක් හැදි ගාන්න.ලිප නිවන්න.
දැන් හදාගත් Doughnut එකක් අරන් උඩ කොටස chocolate sauce එකේ ඔබලා පැත්තකින් තියන්න.උඩම ඇති රෑපයේ ආකාරයට. මදක් නිවුන පසු පිළිගන්වන්න.ලේසියි නේද? හදලා කියන්නකෝ රසත් කොහොමද කියලා.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
0 comments:
Post a Comment