Monday, September 30, 2013

අද අපි තුර්කි බතක් හදමු.Turkish Rice''

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgj5ww4PtEcGPJbxLAKhcYHoT78BsT6VZBuriaaWZh2fMR5s0m4QS238PORZBdUofeHJT74RsV42fPtEgRb2bzLp3dP0eTSQOU5orN9nPNmFPS8yBgzwNuH6q1btve31bQpRO6ZtsfcQmRT/s1600/3+Layer+Rice-1.jpg

අවශ්‍ය දෑ
  • බී ලූනූ ගෙඩි 2ක් පමණ කොටු කපා
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩියක්
  • එඵමස් ස්ටොක්-එඵමස් වතුර දමා තම්බීමෙන්  හදාගත් වතුර
  • සුදුඵනු කුඩාවට කපාගත් බික් 3
  • කරපිංචා කුඩාවට කපාගත්
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • බේකන්
  • එඵමස්
  • එළවඵ තෙල්
  • බාස්මතී හාල්
  • green peas

සාදන ආකාරය
    http://www.homeandcook.co.uk/repository/product/cookware/cookware/enjoy-5pc/600x600_enjoy%20sauce%20pan.jpg










  • දක්වා ඇති ආකාරයේ පෑන් 1ක්  එක රත් කර තෙල් ස්වල්පයක් දමා එයට බේකන් හා බී ඵැණු දමා බැදගන්න.බැදුනු පසු එය වෙනම භාජනයකට දමන්න.
  • දැන් එම පෑන් එකටම (නැවත තෙල් දාන්න එපා කලින් බැදගත් තෙලටම) සුදුඵැණු ,එඵමස්, කරපිංචා දමන්න.බාස්මතී හාල් හා එඵමස් ස්ටොක් ද ලුණු හා ගම්මිරිස් සවල්පයක්ද දමා පෑන් 1ක වසන්න.
  • විනාඩි 8ක් පමණ ගිය පසු (බත සෑහෙන පමණට ඉදුනු පසු) green peas හා තක්කාලි එකතු කරන්න.විනාඩි 2ක් පමණ ගිය පසු බැදගත් බේකන් හා සුදුඵැණු මිශ්‍රණය එකතු කරන්න.
  • ලිපෙන් බා ගන්න.
  • පිළිගන්වන්න.

සාරි හා ඔසරි හැට්ට විලාසිතා තවත් ඕනද?

http://cdn.indusdiva.com/4391-thickbox/pastel-pink-net-lehenga-saree.jpg

 ඊයේ publish කරපු හැටිට විලාසිතා සඳහා ඉහළ ප්‍රතිචාරයක් තිබුනා..තව දුරටත් ඒ පිළිබඳව එහි හොඳ නරක ගැන ඹබෙන් විමසන්න සිතුවා.ඒ ලැබෙන comments ඊලඟ post එකට මට රුකුලක් හයියක් වේවි.කේසර ලංකා සමඟ එකතු වී සිටින ඔබ සැමට ස්තුතියි.යාඵවනේ facebook comment එකක් මම බලාපොරාත්තු වෙනවා ඹයාලගෙන් මගෙ ඊලඟ post එකට කලින්........

වම්බටු මෝජු

http://www.infolanka.com/recipes/mess3/3-1.jpg

අවශ්‍ය දෑ
  • වම්බටු 500-750g තීරු කපා ලුණු හා කහ මිශ්‍ර වතු‍රේ දමන්න
  • රතුලූණු ගෙඩි පිටින් හෝ බී ලූණු  තිරු කපා 200g
  • අමුමිරිස් කරල් පිටින් 100 g
  • අඹරාගත් කහ අබ විනාකිරි උවමනා පමණට
  • ලුණු
  • උම්බලකඩ කැබලි 100g
සාදන ආකාරය
  •  තීරු කපා කහ හා ලුණු වතුරේ දමාගත් වම්බටු ගැඹුරු තෙලේ බැදගන්න.පසෙකින් තබා ගන්න.
  • සැලකිය යුතුයි-වම්බටු මිරිකා හොදින් වතුර හැර බැදගන්න.
  • ලූණු හා අමුමිරිස්ද වෙන වෙනම බැදගන්න.
  • ඉන්පසු ඇතිලියක් ලිප තබා විනාකිරි ලුණු කහ උමිබලකඩ අබ ආදිය දමා එයට බැදගත් ලූණූ අමුමිරිස් බටු ටික දමන්න.
  • විනාඩි 5ක් පමණ මද ගින්නේ තබා බා ගන්න.
  • අවශ්‍ය නම් සෑදීමේදී සීනි ස්වල්පයක් දමා ගන්න.
  • සුළං නොවදින සේ වතුර නොගෑවෙන සේ පාවිච්චියට ගන්න.බදුනෙන් එළියට ගැනීමට වෙනම ප්ලාස්ටික් හැන්දක් තබා ගන්න.





















Sunday, September 29, 2013

සාරි හා ඔසරි හැට්ට විලාසිතා බලමුද

 හැට්ට විලාසිතා අංක 01
අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙනවා නම් හැට්ටය මසා ගැනීමේදී අනුගමනය කරන විලාසිතාවල වෙනසක් සිදුවෙනවා.කාර්යාලයට මෙන්ම ප්‍රිය සම්භාෂණ වලටත් හැට්ට මැසීමේදී යොදා ගත හැකි විලාසිතා ගැන හැට්ට විලාසිතා අංක 01න් බලමු.ඉදිරියටත් තව හැට්ට විලාසිතා ගැන කථා කරමු. අද බලමු මේ විලාසිතා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQDfvcAUscO9Uf7UQqA-ZTYtxh4tr4MaACZitVF9t_FdLcY8MqkWM8LanBwaiQPOKv0EymQ2zXPs9igJTksgGBPrILinTGVkSCHmpcKECitz3rFzgRuqfc0zhWL08tSsfPLM4DfQgJ_4oN/s1600/saree+jaket1.jpg







https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-RGBZUltoBD2Ublj6FbPUcoOFarrm2JwvlgU-o-v5ltPG6uxNWGSea1RtqSphcMW2pWYxRIxQ340IXkZYZV_xU8BDCjSQNt_jmDLJvIgT0nNcIJeSMWIEy-d6kmH_Z-hrgoQec37fuC5f/s1600/back.jpg



 https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTeGRL6y8IQtEuhnz-BE8VSi3fL8DY8sBTFv9nZXUVvvaKPgibTZWZ8BIaA6cNyNSzyqgMdXf_32VCcSmEKZsZrPhfMCnARhW3ykuJvfEHnu5mN9XPkbcrR2Zi0tVJYiWExApywPcmcn4/s1600/Back4.jpg




https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEim8Dwj-dnomxnglcQa_HeQ2OsN0hFMjkc_zIb52OyqN7bZqwnBgf69O_8z1HDT2F7yK2XNljxou74aGuwsAapMEqLkTgQfzEAc3gdGbgFtcOZktUe2g3cOtTBDKkCu8RAYOm5mPbRCRro/s640/Back3.jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHLU7DFWoLubaP1DqgCXmps8vk3iDxOlL1b1XO0iX09aNkk4UjBuwwleGGua26xQKfX03st5Uj9QXAiTvdrg3ZnyU_Zhikk69Upsjkgimzs7EdobkZ4sgopQyfRchrwVdXSUr7ELLnSDQ/s640/Bridal_Saree_Blouse.jpg

http://i1.ytimg.com/vi/e9AA8kAtAls/maxresdefault.jpghttps://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiMtTuzSWvnfDdcz4BKLcFxT91xA6b33vQL_eJw1wIhhKwh768GDaEqVA5qG-hf4MvYauUn-gJCW46HotVdOeKLadONLrEHctqaDXd2ma8b3gMzIC0cH8ZutJ9wfe8ofPT6YFJn3kEumxmb/s1600/Latest-Bridal-Saree-Blouse-Fashion-Trends-2013-7.jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjobd9EBKisMTpmFO00N5qT8WBbMfyyiPM83KhpIPc_26zitU1waSk5dK3TVc2R7dn_Nzj_wJR6Psa7N3zSeGruAu-UW9wT95yERZfuZLq4mVZrEktuUqA-_On0NHMZhqLSBdMeXU4ohJA/s1600/front2.jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhnzrm2PSr-Tek_dWCJlFE7t5ZJoDJWFh3zJkfDZSUE0gasp_AwlLBlcWg2Af1M-DLGM8sLzOsdIj8RcC8Un2eMVzLs8YHVKGDyfpFmfkflG2u6wyWFcgFuqJkF8OFG-t-GKyyQIvq1sxVz/s1600/FuNMazaHome-Saree-Blouse-Pattern+(15).jpg

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjEhlVk1oFbltB3uKPgSYrWLAyiDABwRzlmvBAioMiFi2bC9tCokTqsZawmREJ4PbuCHLisu4hMhpmHXw0ByCQB9Bil4teOxxD4ibsICNbcvrEpMlggCrB1P3fvyDGZPBKvlUQzXD36ar_M/s1600/FuNMazaHome-Saree-Blouse-Pattern+(12).jpg

උපන් ලප හෙවත් Birth Marks වලින් කියවෙන රහස්

http://wideshaseva.com/home/images/upan-lapa.jpg 


















  • වම් කම්මුලේ හරි මැද                                          වාසනාවන්ත
  • ඇසේ ලපය                                                        බුද්ධිය
  • ඇතුලට ගිය ඇස්                                                 ඉතාම දුෂ්ඨ
  • වම් කනට යටින් ලපය                                        වාසනාව සොයා එයි
  • නළල හරි මැද පහළ, ඇස් දෙකට මදක් ඉහළින්   ජනප්‍රිය භාවය
  • නළල රෝම කූප වලින් වැසී ගියේ නම්                ලෙඩ රෝග
  • වම් පැත්තේ ඇසට උඩින් ලපය                           ධන සම්පත්
  • බෙල්ලේ වළලු රේඛා පිහිටීම                              පැසසුම් ලැබීම
  • නිකටේ සුළිය                                                     කාමුක බව
  • කම්මුලේ හරි මැද ලපය                                       යම් දිනක වාසනාව උදා වේ
  • සිනාසෙන විට කම්මුල් වල ගැසීම                        වාසනාවන්ත භාවය
  • කාන්තාවගේ තොල අසල ‍හෝ තොලෙහි ලපය    කාමුකබව
  • කනට පහළින් උපන් ලපය                                   ජීවිතයේ සාර්ථකත්වය
  • නාසයේ අග                                                         වාසනාව තිබුනත් චරිතය අවදානම්
  • බෙල්ලේ උපන් ලප කිහිපයක්                              පෙම්වතුන් කිහිප දෙනෙක්
  • පියවුරෙහි                                                            ශුභ අනාගතයක්
  • වැලමිටේ උපන් ලපය                                           යම් යම් බාධා
  • දකුණු වැලමිට                                                      ධනවත් වීම
  • පිරිමි වම් වැලමිට                                                  කාමාතුරබව
  • පිරිමි දකුණු වළලුකර                                            ධනය ,වාසනාවන්තබව
  • පිරිමි වම් වළලුකර                                                කලාකරුවකු බවට පත්වීම
  • දකුණු උරහිස                                                       ඥානවන්තබව
  • වම් උරහිස                                                           දබර
  • වම් කිහිල්ල                                                          වාසනාවන්තබව
  • ස්ත්‍රි වම් කිහිල්ල                                                    සැමියා තමාට යටත්
  • දකුණු උරහිස                                                        ඥානවන්තබව
  • කොන්ද                                                                දේශපාලනයට ඇති බුද්ධිමත්බව
  • බෙල්ලේ කලු ලප ඇති                                          වාසනා දරුවන්
  • බෙල්ලේ රතු ලප                                                  සටන්කාමීබව
  • බෙල්ලේ වල තුල ලප                                            රෝගාතුරවීම්
  • පිරිමි බෙල්ලේ ලප                                                පෙරමුණ ගනී
  • වම් කම්මුලේ ලප                                                   ආදරය තමාගේ මනාපෙට
  • පිරිමි වම් කම්මුලේ                                                 ගෞරව
  • පිරිමි දකුණු කම්මුලේ                                             ධනවත්
  • ගැහැණු දකුණු කම්මුල                                            පිරිමි දරුවන්
  • ගැහැණු කම්මුල දෙපැත්තේ                                    අරගල
  • කන මත ලප                                                          ධනවත්
  • ඇස කෙළවර                                                         දුසිරිත්
  • ඇසේ පිහාටු මත ලප                                              යහපත් සිතුවිලි වත් පොහොසත්
  • මුහුණේ පහත                                                         පුද සත්කාර
  • නහයේ දකුණ                                                        විදේශ රැකියා
  • නහයේ වම් පැත්තේ                                               අධික රාගාධික බව
  • දිව මත ලප                                                            අසුභයි
  • ගැහැණු උදරයේ                                                     සුභපල
  • ගැහැණු පිටමත                                                       පතිවත ආරක්ෂා කරයි
  • ගැහැණු පිටපතුල් වල                                              දහදුක් විදිනු ඇත
  • ගැහැණු යටි පතුල් වල                                             උසස්බව
  • අත්ල පිටුපස                                                           විශාල ධන සම්භාරයක් උපයා ගත හැක
  • පෙකනියේ උපන් ලප                                             අසුභ පල,රිය අනතුරුවලට ඉඩකඩ ඇත
  • තට්ටම්වල                                                               නිර්මාණශීලිත්වය,බුද්ධිය,ප්‍රඥාව
  • කලවයේ පිටුපස                                                     වාසනාව,ජනප්‍රියත්වය,ධනවත්බව
  • දණහිසට පිටුපස                                                     අයහපත් වේ.හොඳට වඩා නරක අත්දැකීම් ලැබේ
  • පාදයේ පිටුපස                                                        ඉතා කාර්යබහුලයි.මහජන සම්බන්ධතා පවත්වයි.
  • පාදයේ වළලුකර පිටුපස                                          ගෙදරින් දුරස් වේ.සංචාරයේ යෙදේ.
  • ලිඟුවේ                                                                     දරු සම්පත්වලින් අඩුවක් නැත
  • පපුවේ                                                                     ත්‍යාගශීලි කරුණාබර හදවතක් ඇත.විශ්වාසයි.


Saturday, September 28, 2013

The Contractor (2013) කොන්ත්‍රාත්කරු

the contractor (2013) 




ඔන්න මම අදත් 10 September 2013 නිකුත් වූ අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා . මේකේ කොන්ත්‍රාත්කරු කිව්වාම හැමෝම හිතයි මේ කියන්නේ මිනිමරන්න කොන්ත්‍රාත් ගන්න මිනිහෙක් ගැන කියලා , ඒත් මේ කියන්නේ ගෙවල් වල කොන්ත්‍රාත් වැඩ කරන මිනිහෙක් ගැන තමයි මේ කතාවෙන් කියන්නේ 
මේකේ කතාව ගැන කියනවා නම් මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ මනුස්සයෙක් පස්සෙන් පොලිසිය පන්නන දර්ශනයකින් එතනදී මේ පුද්ගලයාව පොලිසිය අල්ලගන්නවා , මොහුව අල්ලගන්නේ එක්තරා මිනීමැරුමක් සම්බන්ධයෙන් , ඊට පස්සේ සාමාන්‍ය විදිහට කතාව ආරම්භ වෙනවා. ඉතා සතුටින් ජීවත්වෙන එක්තරා පවුලක් ඉන්නවා . මේ ගෙදර ඉන්නේ අම්මයි,තාත්තයි , දුවයි මේ පව්ලේ ඉන්න අම්මා සමාජ සේවිකාවක්, ඇය විශේෂ වැඩසටහනක් කරනවා ධානපතියන්ගෙන් ආධාර අරගෙන රෝහලක් සoවර්ධනය කිරීමට , මේ සදහා ඇය තීරණය කරනවා ඒ සදහා අනුග්‍රහය දක්වන හැමෝම එක්කාසු කරලා උත්සවයක් පවත්වන්න , මේ සදහා ඇය නිවසක් තෝරගන්නවා ඒත් ඒ නිවසේ අලුත්වැඩියා කිරීම් කිහිපයක් තියෙන හින්දා ඇය මහත්තයත් සමග එකතු වෙලා අඩුවට වැඩ කරගන්න පුලුවන් කොන්ත්‍රාත්කාරයෙක් හොයනවා .
ඒ අතර ඔවුන්ට හම්බවෙනවා අඩු මුදලට වැඩේ ඉවර කරගන්න පුලුවන් කොන්ත්‍රාත්කාරයෙක් , ඔවුන් වැඩේ ඔහුට බාර දෙනවා , ඒත් පස්සේ ඇයට තේරෙනවා ඔහු ඔවුන්ගේ පවුල ගැන ඔත්තු බලනවා කියලා . ඇය ඔහු ගැන සැක කරලා මේක ගැන ඇයගේ මහත්තයාටත් කියනවා . ඊට පස්සේ ඔවුන් මොහුව ගෙදරින් පන්නලා දානවා . ඒත් ඔවුන්ට තේරෙනවා ඒකෙන් කරදරය ඉවරයක් වෙන්නේ නෑ කියලා , ඊට පස්සේ මොහු ගැන පැමිනිල්ලක් දන්න යනකොට දැනගන්නවා මොහු බොරු නමකින් පෙනී ඉදලා තියෙන්නේ කියලා , ඊටපස්සේ ඇය ඔහු ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා , පස්සේ ඇය දැනගන්නවා මොහු ඔවුන්ගෙන් පලිගන්න එන්නේ කියලා ඒත් පලිගන්න හදන්නේ කුමක් නිසාද ? ඔහුට ඒ පලිය ගන්න හැකිවේවිද ?



397 MB (DVD) කොපිය මෙතනින් බාගන්න


650 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න 

Sanga's Best

කියමු බලන්න ඊලගට ඔයාලට ඕන රෙසිපි එක මොකක්ද කියලා?




අපි පරාටා,අල පරාටා,කඵපොල් මාඵව,PIZZA,KFC,කේක්,FRUIT TRIFEL වගේ ගොඩක් කෑම හැදුවනේ. කියමු බලන්න ඔයාලා ආස කෑම මොනවද කියලා මට දැනගන්නත් එක්ක.....

Friday, September 27, 2013

හැමෝම ආස කොස් ඇට කඵපොල් මාඵව හදමු.





අවශ්‍ය දෑ
  • පිටි සහිත හොද ලොකු කොස් ඇට 25
  • ලියාගත් රතුඵණු මේස හැදි 3
  • ලියාගත් අමුමිරිස් කරල් 2
  • උම්බලකඩ කැබලි මේස හැදි 4
  • කරපිංචා 
  • ලුණු ස්වල්පයක්
  • කහ
  • තුනපහ
  • මිරිස් කුඩු
  • පොල්කිරි කෝප්ප 1
  • උඵහාල් ස්වල්පයක්
  • බැද අඹරාගත් හාල් පොල්- සෝදා වේලා ගත් කැකුඵ හාල් මේස හැදි 1 1/2 හා ගා ගත් පොල් මේස හැදි 1 1/2 ගෙන හොදින් බැද අඹරාගන්න.
සාදන ආකාරය
  • මැටි වලදක් භාවිතා කරන්න.
  • කොස් ඇටය වෙන් වී නොයන සේ  තලා පොතු පිටින්ම වලදකට දමන්න.
  • ඉන්පසු ලුණු හා අනෙක් කලමනා හා තැම්බෙන ප්‍රමාණයට වතුර දමා තම්බා ගන්න.
  • තැම්බුනු පසු කිරි හා බැදගත් හාල් පොල් එක්කර නටන විට ලිපෙන් බා ගන්න.















Thursday, September 26, 2013

අද අපි කථා කරමු මුහුණ හා මුඵ ශරීරයම ලස්සනට තියාගන්න කල හැකි දේ ගැන





අපි හැමෝම ලස්සනට ඉන්න ආසයි.තමන්ගේ ලැබිලා තියන ස්වභාවික සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීමයි අපි කල යුත්තේ.ලාංකිකයන් වන අපිට ගොඩක් සමීපයි ආයුර්වේදය.ඉතිං අද අපි කථා කරමු ආයුර්වේදය ඇසුරෙන් අපිට ලස්සන වෙන්න කරන්න පුඵවන් දේ ගැන.

ඔබට තිබෙන්නේ මොන වගේ සමක්ද?

  • සාමාන්‍ය සම-   තෙතමනය සහිත සෞම්‍ය වෙල්වට් රෙද්දක ස්වභාවයක් ගන්නා පැල්ලම් රහිත රෝස පාටට හුරු ලස්සන සම
  • තෙල් සහිත සම-  සම රඵයි.ගනකම්ය.දිලිසෙන එමෙන්ම ඇල්ලූ විට තෙල් ස්වභාවයක් ගනී.කඵ ලප,සුදු ලප,විශාල බිබිලි,කුරුලෑ සෑදීමට ඇති ඉඩ කඩ වැඩියි.
  • මිශ්‍රිත සම-     teeshoan ප්‍රදේශය තෙල් සහිත වන අතර කම්මුල් වියලි හෝ සාමාන්‍ය වේ.
  • වියලි සම-    මෙම සම ඉතා වියලි ස්වභාවයක් ගනී.සමේ කැබලි ගැලවී යයි.සේදු පසු තද ස්වභාවයක් ගනී.මෙය බොහෝ දුරට ඉතා සංවේදී පහසුවෙන් රැලි ඇතිවිය හැකි සමකි.සමේ දිලිසෙන ගතියක් නොමැත.

ප්‍රතිකාරයක් කිරීමට පෙරාතුව ඔබට තිබෙන්නේ මොන වගේ සමක්ද කියලා දැනගන්න ඕන.

සාමාන්‍ය සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර
  • පලමුව මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගන්න.ඉන්පසු කරට් යුෂ,දෙහි යුෂ හෝ කහ පැහැති දොඩම් යුෂවලට blender කරගත් කරපිංචා කොල එකතු කර pack එකක් හදාගන්න.මෙය මුහුණේ ආලේප කරන්න.
  • විනාඩි 20න් පමණ සෝදා ඉවත් කරන්න. ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා ටෝනර් කරන්න.මෙම ප්‍රතිකාරය කුරුලෑ ඇති අයට සුදුසු නැත.මෙය සාමාන්‍ය සමට ප්‍රතිකාරයක්.
තෙල් සහිත සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර

  • කුඩුකරගත් මුං ඇට හෝ කඩල 
  • සුදුහදුන් මේස හැදි 2
  • බිත්තර සුදු මදය
  • මී පැණි තේ හැදි 1/2
  • දෙහි යුෂ තේ හැදි 1/2
මේ සියල්ල භාජනයකට දමා මිශ්‍ර කරගන්න.මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගත් පසු මෙය ආලේප කරන්න.විනාඩි 20ක් පමණ තබා සෝදා හැර toner කරන්න.

සාමාන්‍ය හා වියලි සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර 

  • සුවද කොට්ටන් කුඩු තේ හැදි 2
  • කිරිමැටි තේ හැදි 2
  • සිහින් දහයියා කුඩු තේ හැදි 1
  • යීස්ට් පවුඩර් ස්වල්පයක් 
  • බිත්තර තේ හැදි 2
  • මී පැණි තේ හැදි 1/4
  • කිරි ස්වලිපයක්
මේවා හොදින් මිශ්‍ර කර පළමුව මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගන ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.පසුව toner කරන්න.

වියලි සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර

  • ඉදුනු අලිගැටපේර 1/4
  • බිත්තර කහමදය
  • මී පැණි තේ හැදි 1/2
  • දෙහි තේ හැදි 1
  • යෝගට් තේ හැදි 1
මේ සියල්ල හොදින් මිශ්‍ර කර පළමුව මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගන ආලේප කර විනාඩි 20-30ක්  පමණ තබා සෝදා හරින්න.පසුව toner කරන්න.

ඔබත් කරලා බලලා comment එකක් දාන්න.

















පරෝටා හෙවත් පරාටා. හරිම ලේසියි හදන්න.හදමුද මේ සති අන්තයේ..


මතකද අපි අල පරාටා හැදුවා.අද අපි හදමු කේරළ පාරාටා.










අවශ්‍ය දෑ
  • බටර් හෝ මාගරින් මේස හැදි 2
  • බිත්තර 2 -(වෙජිටේරියන් නම් බිත්තර වෙනුවට කිරි දාන්න )
  • පාන්පිටි 500g
  • සීනි මේස හැදි 1
  • ලුණු කුඩු (රස අනුව අවශ්‍ය පමන)
  • වතුර
  • පොල්තෙල් හෝ එළවඵ තෙල්
සාදන ආකාරය
  • පාන් පිටි වලට ලුණු සීනි මාගරින් බිත්තර පිළිවෙලින් එකිනෙක දමා හොදින් අනාගන්න අතින්. අපි මේ dough එක හදාගන්නයි යන්නේ.ඉන්පසු ඒ අනාගන හදාගත් dough එකට උඩින් පොල්තෙල් හෝ එළවඵ තෙල් වත් කරන්න හැන්දකින්.දැන්  lunch sheet එකකින් වහලා විනාඩි 40 ක් තියන්න.1 රූපය

  • විනාඩි 40න් පස්සේ dough එකෙන් බෝල 4ක් පමණ හදාගන්න.බෝල උඩට පොල්තෙල් හෝ එළවඵ තෙල් හැන්දකින් වත් කරන්න නැවතත් .දැන් ආයෙත් lunch sheet එකෙන් වහලා විනාඩි 40ක් තියන්න.2 හා 3 රූප ඉහත.
  • විනාඩි 40න් පස්සේ board එකක් අරන් තෙල් දාලා පරාටා හොදින් තුනී කරගන්න.

  • දැන් හොදින් අවබෝධ කරගන්න.ඔබ සිහියට නගා ගන්න කඩයක මේ විදියට හදාගත් රොටියක් ලේන්සුවක් ආකාරය වන තුරු අත් දෙකෙන් උස්සා තැටිය මත දිග ඇර නැවත නැවත ගැසීමෙන් ඉතා තුනී ලේන්සු වගේ රොටී හැදෙනවා නේද?මේ බලන්න.


  • අපිට මේ වගේ ලොකු board එකක් නොතියෙන්න පුඵවන්. ඒත් උත්සහා කරන්න.පරාටා වල ඉතා soft ගතියක් එන්නේ මේ ආකාරයට තුනී කරගත්තම.ඔබට මේ විදිය අපහසු නම් රෝලින් පින් එකකින් තුනී කරගන්න.හොදින් තුනී කරගන්න පහත ආකාරය වන තුරු.



  • දැන් හොදින් තුනී කරගත් රොටියේ දෙපැත්තෙන් අල්ලා අපි මේ විදියට හදාගන්නවා.මේ බලන්න.



  • දැන් එහෙම හදාගත්ත රොටිය අපි කොනක ඉදන් මේ විදියට රෝල් කරගෙන රවුමක් ආකාරයට හදාගමු.

  • දැන් නැවතත් ඒ රෝල් කරගත් රොටිය රෝලින් පින් එකකින් තුනී කරගන්න.

  • දැන් පුඵවන් නම් තුනී කරගත් රොටී fridge එකේ මද වේලාවක් තියන්න.
  • නැතිනම් තැටියකට තෙල් දමා පරාටා පුඵස්සා ගන්න. දෙපැත්ත දමමින් හොදින් පුඵස්සා ගන්න.






  • නියම පරාටා වල ස්වභාවය ගැනීමට නම් පුඵස්සා ගත් පරාටා එක උඩ එක තබා අත්පුඩි ගසන්නා සේ පරාටා සියල්ලට එකවැර දෙපැත්තෙන් ගසන්න.එවිට පරාටා layers වලට කැඩී නියම කේරළ පරාටා ස්වභාවයක් ගන්නවා.


  • රස බලන්න.comment එකකුත් දාන්න.

KFC ගෙදරදීම හදාගමුද?
















අවශ්‍ය දෑ
  • චිකන් කැබලි
  • පාන් පිටි කෝප්ප 1/2 පමණ
  • කඩල පිටි මේස හැදි 4 පමණ
  • විශේෂ රසයක් අවශය නම් රස ගන්වන කුඩු වර්ගයක්
  • බිත්තර 3
  • කිරි 160ml
  • ගම්මිරිස් කුඩු තේ හැදි 1
  • තෙල්
  • ලුණු කුඩු
  • වතුර ස්වල්පයක් 
සාදන ආකාරය
  • පාන්පිටි කඩල පිටි ලුණු ස්වල්පයක් හා රස ගන්වන කුඩු  භාජනයකට දමා හොදින් කලවම් කරන්න.එයට වතුර ස්වල්පයක් දමා යාන්තම් කැට ස්වභාවයකට හරවාගන්න.(මල් කරගන්න)මතක තබා ගන්න වතුර ඉතා ස්වල්පයයි එකතු කරන්නේ.


    • බිත්තර හා කිරි එකට දමා ගම්මිරිස් කුඩු ස්වල්පයක්ද දමා හොදින් කලවම් කරන්න.
  •  සාදාගත් කිරි batter එකේ වරකට එකක් බැගින් ගෙන චිකන් කැබලි ගිල්වන්න.ගිල්වු චිකන් කැබැල්ල ගෙන පිටි වල තවරන්න.නැවතත් එම කැබැල්ල කිරි වල සහ පිටිවල දවටගන්න.






  •  දැන් ගැඹුරු තෙලේ බැදගන්න.
    • දැන් පිළිගන්වන්න.





    Wednesday, September 25, 2013

    සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 2



    http://diginomica.com/wp-content/uploads/2013/09/paypal_LOGO.gif


    මම කලින් Post එකේ කිව්වනේ Malaysian Paypal එකක් හදන හැටි. බලපු නැති අය මේකෙන් බලන්නකෝ.


    හරි දැන් මුලින්ම කරන්න තියෙන්නේ HNB එකට ගිහින් Savings Account එකක් Open කරන්න. Open කරනකොට කියන්න ඔයාට Visa Debit Card එකක් ඕනේ කියලා. රු 2000 තියෙනෙවනම් හොඳටම ඇති. ඔයාට වෙන HNB Account එකක් නැත්තම් ඒ වෙලේම Card එක ගන්න පුලුවන්. PIN එකත් ඒ වෙලේම දෙනවා.


    දැනටමත් Account එකක් තියෙනවනම් ඒ Account එකටම Card එකක් ගන්නත් පුලුවන්. නැත්තම් වෙන අලුත් එකක් Open කරලා Card එක ගන්නත් පුලුවන්. කොහොම උනත් එතකොට ඔයාට ඒ වෙලාවෙම Card එක ලැබෙන්නේ නෑ. PIN එක ගෙදරට තැපෑලෙන් එවනවා. එතකොට අදාල Branch එකට ගිහින් කාඩ් එක ගන්න පුලුවන්. මේ Card එකේ ඔයාලගේ නම Print කරලා තියෙනවා. ඒත් එවෙලෙමෙ දෙන Card එකේ නම නෑ. ඔන්න ඕකයි වෙනස.


    දැන් Card එක Active කරගන්න පුලුවන් HNB ATM එකකින්. ඊට පස්සේ HNB Card Center එකට Call කරලා ඔයාලට පුලුවන් Card එක සතියකට Online Payment වලට Active කරගන්න. දිගටම Card එක Online Payment වලට Active කරගන්න ඕනේ නම් අදාල Branch එකට ලියුමක් දෙන්න ඕනේ. Online Payment Active උනාට පස්සේ තමයි ඔයාට Paypal එක Verify කරන්න පුලුවන්.

    ඔයාලගේ Paypal Account එකට ලොග් වෙන එක. දැන් මේ පහල තියෙනෙ එකේ තියෙනවා වගේ  Get Verified Link එකට යන්න.












    දැන් එයි Form එකක්. ඒකේ Details Fill කරන්න තියෙන්නේ. හැබැයි Last Name එක වෙනස් කරන්න බෑ. මම කලින් Post එකේදී ඒක ඔයාගේ Card එකේ නමට සමාන වෙන්නෙ ඕනේ කිව්වේ ඒ නිසයි.  Card Type එකට Visa දෙන්න. දැන් ඔහොමම ඉතුරු විස්තරත් පුරවන්න. Security Code එකට Card එක පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකය දෙන්න.


    දැන් Continue කරන්න. PayPal එක දැන් ඔයාගේ Card එකෙන් MYR 10.00 කපාගන්නවා. ඒ Transaction එකට ඉලක්කම් හතරක Code එකක් එනවා. ඒ ඉලක්කම් හතරේ Code එක Card Center එකට Call කරලා අහලා Paypal එකට Submit කරාම ඔයාගේ Paypal එක Verify වෙනවා.


    දැන් Paypal එකෙන් ඔයාගෙන් කපාගත්ත MYR 10.00 ආයෙත් ඔයාගේ Card එකට දානවා. ඒ වෙනුවට Paypal එක ඔයාට Gift එකක් විදිහට MYR 10.00 දෙනවා.


    මගෙන් සුභ පැතුම්. දැන් ඔයා Ebay එකේ Buy, Sell වගේම Money Receive, Pay කරන්න පුලුවන් Verified Malaysian Paypal එකක හිමිකරුවෙක්

    Tuesday, September 24, 2013

    සිංහල Fonts ඕනෙ අයට - Fonts 100 කට කිට්ටුව තියෙනවා












    මෙතනින් Download කරගන්න.

    Monday, September 23, 2013

    සල්ලි Receive කරන්න පුලුවන් Verified Paypal එකක් හදාගමුද? - අංක 1



    ගොඩක් අය Ebay එකෙන් බඩු ගන්න Try කරනවනේ. ඒත් සල්ලි ගෙවන්න නම් Verified Paypal එකක් ඕනේ. අනික PayPal එක Sri Lankan නම් Verified උනත් සල්ලි කැපෙන්නෙ Bank Account එකෙන්. ඒ නිසා මං කියලා දෙන්නේ Verified Malaysian PayPal එකක් හදාගන්න හැටි. හරි අපි දැන් Step By Step යමුකෝ. මං මේක කොටස් දෙකකට කියලා දෙන්න යන්නේ. මුල් කොටස සාමාන්‍යයෙන් Money Receive කරන්න පුලුවන් විදිහේ Paypal එකක් හදන හැටි ගැන.


    මුලින්ම යන්න https://www.paypal.com එකට. ඒකෙ ඉහලිම ඇති Sign Up කියලා. ඔය ලින්ක් එකට ගියාම එයි Register වෙන Page එකක්. ඒකෙ රටට Malaysia තෝරන්න. එකපාරම Premier Account එකක්ම හදා ගන්න එක හොඳයි.







    හරි දැන් එන Form එකේ ඔයාගේ ඇත්තම විස්තර දෙන්න. ඕකේ Last Name කියන තැනට හරියටම නම දෙන්න. මොකද Bank Account එකේ Last Name එකයි Paypal එකේ Last Name එකයි සමාන වෙන්න ඕනේ.


    Address එකත් හරියටම දෙන්න. හැබැයි Nationality එක Malaysia තියන්න. Postal Code එකට 11111 දෙන්න. කැමති Phone No එකකුත් දෙන්න. දැන් Agree and Create Account දෙන්න.


    දැන් Card එක Connect කරන්න කියලා ඇහුවොත් Cancel කරලා Account එකට ලොග් වෙන්න. දැන් ඔයාලට Email එකක් ඇවිත් ඇති Paypal එකෙන්. ඒකෙ තියෙන Confirm Code එක Copy කරලා Ebay Account එක Confirm කරගන්න.


    දැන් අපි Primary Currency එක වෙනස් කරගමු USD වලට. මොකද අපි හැදුවේ Malaysian එකක් නිසා ඔයාලගේ Balance එක ඇත්තේ MYR විදිහට. මේ විදිහට Manage Currency ගිහින් USD වලට Change කරගන්න.














    හරි දැන් Account එක හදලා තියෙන්නේ මේකට ඔයාලට ඕන ක්‍රමයකින් සල්ලි Receive කරන්න පුලුවන්. ගොඩක් අය PTC කරන නිසා ඒවගෙන් සල්ලි මේ Account එකට Withdraw කරන්න පුලුවන් ලේසියෙන්ම.


    මේක  තාමත් Verified නෑ. ඒත් අපි ලංකාවේ උනත් දැන් Paypal එකට Money Receive කරන්න පුලුවන්. අපි ඊළඟ Post එකෙන් බලමු කොහොමද මේක Verify කරන්නේ කියලා.

    මීලගට PayPal Verify කරන විදිහ.......

    හදමුද pizza ගෙදරදීම අවන් එකක් නැතුවම

     http://www.danburg.com/wp-content/uploads/2013/06/Slice-of-Pizza.jpg





    අවශ්‍ය දෑ

    • පාන්පිටි 1kg
    • ඊස්ට් 17g
    • ලුණු 20g
    • වතුර 500ml
    • ඔලිව් ඔයිල්100ml
    • තක්කාලි
    • බී ලූණූ
    • මොසරැල්ලා චීස්-අනෙක් චීස් උනත් කමක් නෑ
    • අමුමිරිස්
    • සුදුඵැණු
    • ගම්මිරිස්
    • roast කර කැබලි කපාගත් චිකන් හෝ seafood වර්ගයක් 
    • කපාගත් bell pepper 
    • ඔලිව් ගෙඩි
    • කෑලි මිරිස්
    • ඔරිගානෝ herbs
    සාදාගන්නා ආකාරය
    • පාන්පිටි ලුණූ වතුර ඊස්ට් ඔලිව් ඔයිල් දමා හොදින් අනාගන්න.අනාගත් dough එක විනාඩි 20ක් පමණ තබන්න.

    • තක්කාලි විනාඩි 2 පමණ උණු වතුරේ දමා සිවිය ගලවා ඉවත් කරන්න. සුදුඵැණු හා සිවිය ගැලවූ තක්කාලි blend තරගන්න.blend කර ගනිද්දී pulse button එක ඔබලා ඉතා සුඵ වශයෙන් කෑලි සිටින සේ blend කරගන්න. භාජනයකට ඔලිව් ඔයිල් දමා රත් කර  සිහින්ව කපාගත් ලූණු කෑලි මිරිස්  ඔරිගානෝ herbs blend කරගත් paste එක හා  ලුනු දමා වතුර හිදෙන තුරු විනාඩි 20 පමණ පිසගන්න.
    • කලින් සාදාගත් dough එකෙන් අගල්  1/2 පමණ ඝනකම සිටින සේ රොටී සාදාගන්න.(අතින් හා රෝලර් එකක් අධාරයෙන් තුනී කරගන්න.) 



    • දැන් සාදාගත් රොටියේ සාදාගත් තක්කාලි  පේස්ට් එක brush එකකින් ගාන්න.ඉන්පසු එහි මොසරැල්ලා චීස් අතුරන්න.අනතුරුව චිකන් sea food අතුරන්න.කපාගත් ඔලිව් ගෙඩි බෙල් පෙපර් ඔරිගානෝ හා බී ලුණු දමන්න.අවශ්‍ය නම් තවත් චීස් ඉසින්න.උඩින් ඔලිව් ඔයිල් හැන්දක් පමණ ඉසින්න.



    • දැන් අවන් එකක නම් විනාඩි 10ක් පමණ දමන්න.
    • අවන් එකක් නොමැති නම් පළමුව තුනී කරගත් රොටිය non stick pan එකක දමා හොදින්  පිසගන්න.හොදින් දෙපැත්තම පුඵස්සාගන්න.අනතුරුව පෙර කී පරිදි රොටිය උඩ පේස්ට් එක ගල්වා ඉහත කී සියල්ල අතුරා නැවතත් පෑන් එකේ දමා සුඵ වේලාවක් පිසගන්න.
    • පිළිගන්වන්න.

    අපි ඊලග දවසේ  KFC ගෙදරදීම හදාගන්න විදියත් බලමු.
    Powered by Blogger.

    About

    About

    Total Visits

    Search This Blog

    recent posts

    Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

    random posts

    Join us on Facebook

    Like us on facebook

    Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

    Country Visits

    recent posts

    social counter

    sponsor

    Tips Tricks And Tutorials

    Blogroll

    Highlight 2

    Highlight 2

    Highlight 2

    Highlight 2

    recent posts

    Country Visits

    Flag Counter

    Popular Posts

    Comments

    3-comments

    FOLLOW ME

    LATEST

    3-latest-65px

    Latest video-course

    1-tag:Videos-800px-video

    Campus

    4-tag:Campus-500px-mosaic

    About

    This just a demo text widget, you can use it to create an about text, for example.

    Testimonials

    3-tag:Testimonials-250px-testimonial

    Popular Posts

    Logo

    Logo
    Logo Image. Ideal width 300px.

    Section Background

    Section Background
    Background image. Ideal width 1600px with.

    Section Background

    Section Background
    Background image. Ideal width 1600px with.

    Ads block

    Banner 728x90px

    Courses

    6-latest-350px-course

    Section Background

    Section Background

    Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

    Name

    Email *

    Message *

    SEARCH

    SEARCH