අපි හැමෝම ලස්සනට ඉන්න ආසයි.තමන්ගේ ලැබිලා තියන ස්වභාවික සුන්දරත්වය වැඩි දියුණු කර ගැනීමයි අපි කල යුත්තේ.ලාංකිකයන් වන අපිට ගොඩක් සමීපයි ආයුර්වේදය.ඉතිං අද අපි කථා කරමු ආයුර්වේදය ඇසුරෙන් අපිට ලස්සන වෙන්න කරන්න පුඵවන් දේ ගැන.
ඔබට තිබෙන්නේ මොන වගේ සමක්ද?
- සාමාන්‍ය සම- තෙතමනය සහිත සෞම්‍ය වෙල්වට් රෙද්දක ස්වභාවයක් ගන්නා පැල්ලම් රහිත රෝස පාටට හුරු ලස්සන සම
- තෙල් සහිත සම- සම රඵයි.ගනකම්ය.දිලිසෙන එමෙන්ම ඇල්ලූ විට තෙල් ස්වභාවයක් ගනී.කඵ ලප,සුදු ලප,විශාල බිබිලි,කුරුලෑ සෑදීමට ඇති ඉඩ කඩ වැඩියි.
- මිශ්‍රිත සම- teeshoan ප්‍රදේශය තෙල් සහිත වන අතර කම්මුල් වියලි හෝ සාමාන්‍ය වේ.
- වියලි සම- මෙම සම ඉතා වියලි ස්වභාවයක් ගනී.සමේ කැබලි ගැලවී යයි.සේදු පසු තද ස්වභාවයක් ගනී.මෙය බොහෝ දුරට ඉතා සංවේදී පහසුවෙන් රැලි ඇතිවිය හැකි සමකි.සමේ දිලිසෙන ගතියක් නොමැත.
ප්‍රතිකාරයක් කිරීමට පෙරාතුව ඔබට තිබෙන්නේ මොන වගේ සමක්ද කියලා දැනගන්න ඕන.
සාමාන්‍ය සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර
- පලමුව මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගන්න.ඉන්පසු කරට් යුෂ,දෙහි යුෂ හෝ කහ පැහැති දොඩම් යුෂවලට blender කරගත් කරපිංචා කොල එකතු කර pack එකක් හදාගන්න.මෙය මුහුණේ ආලේප කරන්න.
- විනාඩි 20න් පමණ සෝදා ඉවත් කරන්න. ඉන්පසු මද උණුසුම් ජලයෙන් සෝදා ටෝනර් කරන්න.මෙම ප්‍රතිකාරය කුරුලෑ ඇති අයට සුදුසු නැත.මෙය සාමාන්‍ය සමට ප්‍රතිකාරයක්.
තෙල් සහිත සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර
- කුඩුකරගත් මුං ඇට හෝ කඩල
- සුදුහදුන් මේස හැදි 2
- බිත්තර සුදු මදය
- මී පැණි තේ හැදි 1/2
- දෙහි යුෂ තේ හැදි 1/2
මේ සියල්ල භාජනයකට දමා මිශ්‍ර කරගන්න.මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගත් පසු මෙය ආලේප කරන්න.විනාඩි 20ක් පමණ තබා සෝදා හැර toner කරන්න.
සාමාන්‍ය හා වියලි සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර
- සුවද කොට්ටන් කුඩු තේ හැදි 2
- කිරිමැටි තේ හැදි 2
- සිහින් දහයියා කුඩු තේ හැදි 1
- යීස්ට් පවුඩර් ස්වල්පයක්
- බිත්තර තේ හැදි 2
- මී පැණි තේ හැදි 1/4
- කිරි ස්වලිපයක්
මේවා හොදින් මිශ්‍ර කර පළමුව මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගන ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.පසුව toner කරන්න.
වියලි සමක් ඇති අයට කල හැකි ප්‍රතිකාර
- ඉදුනු අලිගැටපේර 1/4
- බිත්තර කහමදය
- මී පැණි තේ හැදි 1/2
- දෙහි තේ හැදි 1
- යෝගට් තේ හැදි 1
මේ සියල්ල හොදින් මිශ්‍ර කර පළමුව මුහුණ face wash හා cleanser මගින් පිරිසිදු කරගන ආලේප කර විනාඩි 20-30ක් පමණ තබා සෝදා හරින්න.පසුව toner කරන්න.
ඔබත් කරලා බලලා comment එකක් දාන්න.
0 comments:
Post a Comment