අවශ්‍ය දෑ
- පාන්පිටි 1kg
- ඊස්ට් 17g
- ලුණු 20g
- වතුර 500ml
- ඔලිව් ඔයිල්100ml
- තක්කාලි
- බී ලූණූ
- මොසරැල්ලා චීස්-අනෙක් චීස් උනත් කමක් නෑ
- අමුමිරිස්
- සුදුඵැණු
- ගම්මිරිස්
- roast කර කැබලි කපාගත් චිකන් හෝ seafood වර්ගයක්
- කපාගත් bell pepper
- ඔලිව් ගෙඩි
- කෑලි මිරිස්
- ඔරිගානෝ herbs
- පාන්පිටි ලුණූ වතුර ඊස්ට් ඔලිව් ඔයිල් දමා හොදින් අනාගන්න.අනාගත් dough එක විනාඩි 20ක් පමණ තබන්න.
- තක්කාලි විනාඩි 2 පමණ උණු වතුරේ දමා සිවිය ගලවා ඉවත් කරන්න. සුදුඵැණු හා සිවිය ගැලවූ තක්කාලි blend තරගන්න.blend කර ගනිද්දී pulse button එක ඔබලා ඉතා සුඵ වශයෙන් කෑලි සිටින සේ blend කරගන්න. භාජනයකට ඔලිව් ඔයිල් දමා රත් කර සිහින්ව කපාගත් ලූණු කෑලි මිරිස් ඔරිගානෝ herbs blend කරගත් paste එක හා ලුනු දමා වතුර හිදෙන තුරු විනාඩි 20 පමණ පිසගන්න.
- කලින් සාදාගත් dough එකෙන් අගල් 1/2 පමණ ඝනකම සිටින සේ රොටී සාදාගන්න.(අතින් හා රෝලර් එකක් අධාරයෙන් තුනී කරගන්න.)
- දැන් සාදාගත් රොටියේ සාදාගත් තක්කාලි පේස්ට් එක brush එකකින් ගාන්න.ඉන්පසු එහි මොසරැල්ලා චීස් අතුරන්න.අනතුරුව චිකන් sea food අතුරන්න.කපාගත් ඔලිව් ගෙඩි බෙල් පෙපර් ඔරිගානෝ හා බී ලුණු දමන්න.අවශ්‍ය නම් තවත් චීස් ඉසින්න.උඩින් ඔලිව් ඔයිල් හැන්දක් පමණ ඉසින්න.
- දැන් අවන් එකක නම් විනාඩි 10ක් පමණ දමන්න.
- අවන් එකක් නොමැති නම් පළමුව තුනී කරගත් රොටිය non stick pan එකක දමා හොදින් පිසගන්න.හොදින් දෙපැත්තම පුඵස්සාගන්න.අනතුරුව පෙර කී පරිදි රොටිය උඩ පේස්ට් එක ගල්වා ඉහත කී සියල්ල අතුරා නැවතත් පෑන් එකේ දමා සුඵ වේලාවක් පිසගන්න.
- පිළිගන්වන්න.
අපි ඊලග දවසේ KFC ගෙදරදීම හදාගන්න විදියත් බලමු.
0 comments:
Post a Comment