අවශ්‍ය දෑ
- කස්ටර්ඩ් පවුඩර් 50g
- fresh milk 500ml
- සීනි 50g
- කුඩාවට කපාගත් පළතුරු කේක් 200g
- කැබලි කපාගත් අන්නාසි
- කැබලි කපාගත් ඇපල්(ඇපල් කපාගත් විට කහටක ඇතිවන නිසා අවසාන මොහොතේ කපාගන්න.නැතිනම් කපා අයිස් වතුරේ දමන්න.)
- Suger syrup
- ජෙලටින් තේ හැදි 1/2
- මුද්දරම්පලම්
- ජෙලි වර්ණ 3කින්
- පළමුව පළතුරු කැබලි Suger syrup එකේ දමා හොදින් පොගවා තිබිය යුතුයි.(තම්බා ගන්න)
- කිරි හා සීනි උතුරවා ගන්න.ලී හැන්දකින් හොදින් කලවම් කරන්න.එයට කස්ටර්ඩ් පවුඩර් එකතු කරන්න.හොදින් උකුවන විට ලිපෙන් බා ගන්න.
- වීදුරැ bowl එකකට හදාගත් කස්ටර්ඩ් ටිකක් දමන්න.එයට උඩින් කේක් කැබලි ටික දමාගන්න.නැවතත් කස්ටර්ඩ් දමන්න.උඩින් පළතුරු ටිකක් දමන්න.නැවතත් කස්ටර්ඩ් දමන්න.
- පැය 3ක් ශීතකරණයේ දමන්න. ජෙලි එක් වර්ණයක් ජෙලටින් දමා සාදා එළියට ගත් fruit trifel එක මත දමන්න.නැවත ජෙලි එක සෙට් වන තුරු ශීතකරණයේ දමන්න.
- එළයට ගත් පසු නැවතත් කස්ටර්ඩ් දමන්න. ශීතකරණයේ තබන්න.එළියට ගත් පසු ජෙලි 2වැනි වර්ණය දමා නැවතත් ශීතකරණයේ දමන්න.
- මෙසේ අනෙක් ජෙලි වර්ණයද එක් කරන්න.අවසාන ජෙලි වර්ණය එක් කොට උඩින් කස්ටර්ඩ් දැමු පසු පළතුරු කැබලි අසුරන්න.
- දැන් ශීතකරණයේ තබා සෙට් වූ පසු අතුරුපසට පිළිගන්වන්න.
- මෙය ලේයර්ස් මාරු කරමින් තමන්ට කැමති ආකාරයට සකස් කර ගන්න පුඵවන්.
0 comments:
Post a Comment