Thursday, October 3, 2013

ඔබ දැන සිටියාද නෙල්ලි සම පැහැපත් කරන බව? මේ තරම් ගුණ බව...කියවන්න.




නෙල්ලි


නෙල්ලි Phyllanphus emblica  විද්‍යාත්මක නාමයෙන් හඳුන්වයි.  ආයුර්වේදයේ භාවිතා වන ත්‍රිපලාවලින් එකකි. අරුළු, බුළු, නෙල්ලි නම් එය ත්‍රිපලා ලෙස හඳුන්වයි. ආයුර්වේදයේ සඳහන් කර ඇති රස හයෙන් 05 ක් ම නෙල්ලිවල ඇත.ආයුර්වේදයේ සදහන් වන ෂඩ් රසයන්ගෙන් නෙල්ලි වල නොමැත්තේ ලවණ රසය පමණි. අනෙක් රසයන් පහම අඩු වැඩි වශයෙන් නෙල්ලි වල ඇත. ඒ නිසාම නෙල්ලි වලට ‘පංචරසා’ යන පර්යාය නාමයත් දක්වා ඇත. මනා සිහියෙන් යුතුව නෙල්ලි ඵලයක් රස වින්දොත් අපට ඉතා මිහිරි වු මධුර රසයක් එක් අවස්ථාවකදි අත් විදිමට හැකිවනු ඇත. අපේ රටේ වගේම ඉන්දියාව, නේපාලය, සුමාත්‍රා වැනි රටවල නෙල්ලි සරුවට වැඩේ.නෙල්ලි ආමලකී, ධාත්‍රී, අම්ල, බහුපාලී, පංචරසා වැනි සුප්‍රසිද්ධ සංස්කෘත පර්යාය නාමයන්ගෙන් හදුන්වනු ලබයි.නෙල්ලි යන නාමයට අමතරව නෙල්ලිකා, ඇඹුල යන ප්‍රාදේශිය වශයෙන් භාවිතා වන නාමයන්ද නෙල්ලි සතුය. ඇඹුල යන නාමය පුරාණ සිංහල වෛද්‍ය ග්‍රන්ථයක් වන යෝග රත්නාකරයෙහි සදහන් වන අතර ඇඹුලු යන නාමය දම්පියා අටුවා ගැටපදය ග්‍රන්ථයේ සදහන්ව ඇත. නෙල්ලි ගෙඩියේ ඇති ඇඹුල් රසය/අම්ල රසය නෙල්ලි වලට ව්‍යවහාර කෙරෙන නම් බොහොමයක් සදහා පදනම් වී ඇති බව පිළිගැනීමයි.

මීටර් 6-8 ක් පමණ උසට වැවෙන ශාකයකි. සෘජු කදක් නොමැත. කදෙන් පැන නගින ශාඛා(අතු) රාශියකි. කදේ හා ශාකා වල පිට පොත්ත තුනීය. පත්‍ර සරල කුඩා ඒකාන්තර විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. ද්විපක්තිකව එකිනෙකට ලංව පිහිටා ඇත. පත්‍ර වෘන්න රහිත තරම්ය. පත්‍ර වල දිග සෙ: මී 1-1.2 පමණ වේ. සිහින්ය. දිගටිය. කුඩා කොල පැහැයට හුරු කහ පැහැති මල් ඇතිවේ.මාංශල ගොලාකාර කොළ පැහැයට හුරු කහ පැහැති ඵල රාශියක් ඇතිවේ.

නෙල්ලි වල ප්‍රධාන රසායනික සංඝඨකය ඇස්කොබික් අම්ලයයි(විටමින් සී). විටම්න් සී බහුලම පළතුර නෙල්ලි ය. විටම්න් සී ප්‍රතිඔක්සිකාරකයකි(Anti oxidant). විවිධ රෝගාබාධ වැලැක්වීමේ ශක්‍යතාවය මෙම ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා නෙල්ලි වලට ලැබේ.නෙල්ලි සතු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයද ඉහලය. සුක්රෝස් ප්‍රමාණය අධිකය. ග්ලූකෝස් ප්‍රමාණය අඩුය. නෙල්ලි ගෙඩියේ ඇති සුක්රෝස් ප්‍රමාණය නිසා එහි පැණි රසයක් ඇති බව විශ්වාසයයි. ආයුර්වේදයේද ඇත්තේ එහි මධුර රසයක් ඇති බවයි. මීට අමතරව අකාබනික අයන වර්ගද ඇත. පොටෑසියම්, සෝඩියම්, සින්ක් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන්ද බෝරෝන්, කොපර්, යකඩ, මැංගනීස් පොස්පරස්, සල්ෆර් වැනි මූලද්‍රව්‍ය අයන වශයෙන් සුළු මාත්‍රා වලින්ද අඩංගු බව සොයාගෙන ඇත.ඇමයිනෝ අම්ල වර්ග දාහතක් අන්තර්ගත වේ. නෙල්ලි වල ආම්ලිකතාවය(ph අගය) 2.65 කි. මෙය තරමක ආම්ලික පැත්තට වැඩි බරක් වු අගයකි. මෙය නෙල්ලි වල ඇති ඇඹුල්/අම්ල රසයට ප්‍රධානතම හේතුවයි. මේද අම්ල වශයෙන් ගෙඩියේ ඇත්තේ එකක් පමණි. ඒ මිරිස්ටික් නම් මේද අම්ලයයි. බීජ වල ලිනෝලෙයික් මේද අම්ල, ඔලෙයික්, පැල්මිටික් හා ස්ටියරික් යන මේද අම්ලද ඇත. මීට අමතර ෆීනොලික සංයෝග, කාබනික අම්ල‍‍‍‍‍‍, ඇල්කලොයිඩ, ඔක්සීන වැනි රසායනික සංයෝග වර්ගද මීට අමතරව නිරික්ෂණය කර ඇත.

නෙල්ලිවල  ගුණ
  • ඇස් පෙනීම වර්ධනය කරයි.
  •  රසායන ගුණයෙන් යුක්තය.
  •  නෙල්ලි තම්බා හිස සේදීමෙන් හිස්හොරි සුව වේ
  •  අකලට  කෙස් පැලීම නවතී
  •  අජීර්ණවලට ගුණදායි වේ.
  •  උගුරේ  ප්‍රදාහ තත්ව සමනය කරයි.
  •  අකාලටමහළු වීම වළක්වයි.
  •  හිරිවැටීම නැති කරයි.
  •  මළබද්ධයට නැති කරයි.
  •  හෘදය  රෝගවලට ගුණදායකය.
  •  කොලෙස්ටරෝල් අඩු කිරීමේ ඖෂධීය ගුණයක් ඇත.
  •  සන්ධි රෝගවලට වඩාත් උචිතය.
  •  මුඛ පිරිසුදු කාරකයකි.
  •  ඔබත් වකුගඩු රෝගීන්ට ගුණ වේ.
  •  නාසය හිරවීම වළක්වයි.
  •  මතක තබාගැනීමේ ශක්තිය දියුණු කරයි.
  •  ගැස්ට්‍රයිටිස් සුව කරයි.
  •  ආහාර දිරවීම වේගවත් කරයි.
  • වෛරස් රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
  •  පණු රෝගවලට ගුණදායකය.
  •  රුධිරය පිරිසුදු කිරීමේ අපූරු ගුණයක් නෙල්ලිවල ඇත.
  •  ඇඟෙහි ලේ හිඟකමෙන් පෙළෙන රෝගීන්ට ගුණදායක බවක් හිමිවේ.
  •  ශරීරයේ ශක්තිය වැඩීමට නෙල්ලි උදව් වේ.
  •  උණ රෝගීන්ට ගුණයි.
  •  මානසික ආතතිය දුරු කරයි.
  •  බඩවැලේ හා ආමාශයේ ප්‍රදාහ නැති කරයි.
  •  අර්ශස් රෝගයට ගුණ වේ.
  •  ශරීරය ඇතුළෙහි රුධිර ගැලීම්වලට සුදුසු වේ.
  •  මුත්‍රා පිටනොවීම පිළිබඳ ගැටළු සහගත අයට නෙල්ලි ආහාරයට ගැනීමෙන් මුත්‍රා පිටකිරීම යථා තත්ත්වයට පත්වේ.
  • පිළිකා නසන ගුණයක්  අඩංගුය.
  • සෙංගමාලයෙන් පෙළෙන රෝගීන්ට කදිමයි.
  •  පෙනහලු රෝග  සුවවීම වේගවත් කරයි.
  •  බඩවැල් පිරිසුදු කරනා ගුණයෙන් යුතුය.
  •  කේෂ කලාපය හොඳීන් වර්ධනය වේ.
  •   හෘදය ශක්තිමත් කිරීමේ සොඳුරු ගුණයක් නෙල්ලි පලතුරට ඇත.
  •  රතු සෛල ප්‍රමාණය වැඩි කරයි.
  •  අක්මා රෝගවලට ගුණදායක වේ.
  •   ඩයි වර්ග සෑදීමට ද නෙල්ලි යොදා ගනී.
  •  රුධිරය, අස්ථි, සෛල, පටක වැඩීමට උදව් කරයි.
  •  බැක්ටීරියා රෝග නාශකයක් ලෙස ක්‍රියා කරයි.
  •  ඇස් පෙනීම හා ඇස් රෝගවලට බෙහෙවින් ගුණදායකය.
  •  දත් දෙපළෙහි ශක්තිමත් බව වැඩි කරයි.
  •  නෙල්ලි පලතුර අග්න්‍යාශයේ රෝගවලට බෙහෙවින් සුදුසුය
  •  නෙල්ලි කොළ තම්බා දෙනෙත් සේදීමෙන් දෙනෙත්වලට අපූරු සුවයක් ලැබේ.
  •  විදුරුමස්වලින් ලේ ගැලීම නවතී



0 comments:

Post a Comment

Powered by Blogger.

About

About

Total Visits

Search This Blog

recent posts

Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

random posts

Join us on Facebook

Like us on facebook

Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Country Visits

recent posts

social counter

sponsor

Tips Tricks And Tutorials

Blogroll

Highlight 2

Highlight 2

Highlight 2

Highlight 2

recent posts

Country Visits

Flag Counter

Popular Posts

Comments

3-comments

FOLLOW ME

LATEST

3-latest-65px

Latest video-course

1-tag:Videos-800px-video

Campus

4-tag:Campus-500px-mosaic

About

This just a demo text widget, you can use it to create an about text, for example.

Testimonials

3-tag:Testimonials-250px-testimonial

Popular Posts

Logo

Logo
Logo Image. Ideal width 300px.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Section Background

Section Background
Background image. Ideal width 1600px with.

Ads block

Banner 728x90px

Courses

6-latest-350px-course

Section Background

Section Background

Contact us-desc:Feel free to contact us at anytime about our courses and tutorials.

Name

Email *

Message *

SEARCH

SEARCH