
අවශ්‍ය දෑ
- පිටි සහිත හොද ලොකු කොස් ඇට 25
- ලියාගත් රතුඵණු මේස හැදි 3
- ලියාගත් අමුමිරිස් කරල් 2
- උම්බලකඩ කැබලි මේස හැදි 4
- කරපිංචා
- ලුණු ස්වල්පයක්
- කහ
- තුනපහ
- මිරිස් කුඩු
- පොල්කිරි කෝප්ප 1
- උඵහාල් ස්වල්පයක්
- බැද අඹරාගත් හාල් පොල්- සෝදා වේලා ගත් කැකුඵ හාල් මේස හැදි 1 1/2 හා ගා ගත් පොල් මේස හැදි 1 1/2 ගෙන හොදින් බැද අඹරාගන්න.
සාදන ආකාරය
- මැටි වලදක් භාවිතා කරන්න.
- කොස් ඇටය වෙන් වී නොයන සේ තලා පොතු පිටින්ම වලදකට දමන්න.
- ඉන්පසු ලුණු හා අනෙක් කලමනා හා තැම්බෙන ප්‍රමාණයට වතුර දමා තම්බා ගන්න.
- තැම්බුනු පසු කිරි හා බැදගත් හාල් පොල් එක්කර නටන විට ලිපෙන් බා ගන්න.
0 comments:
Post a Comment