Home »
» R.I.P.D. (2013) | හොල්මන් පොලිස්
By kesaralanka September 01, 2013
R.I.P.D. (2013) | හොල්මන් පොලිස්
ඔන්න මම ඉස් ඉස්සෙල්ලම නවතම ඉංග්‍රීසි චිත්‍රපටයක් ගෙනෙන්නයි මේසූදානම.
නමින් R.I.P.D. එහෙමත් නැත්තන් සාමයේ සැතපුන පොලිස් දෙපාර්තුමේන්තුව. මම
කතාව ගැන කියන්න කලින් වටපිටව ගැන කියන්නම් එහෙනම්. පසුගිය ජුලි 19 දින සිට
ඇමෙරිකාව ඇතුළු රටවල් රැසක තිරගත වීම් ආරම්භ කල මෙය Robert Schwentke ගේ
අධ්‍යක්ෂණයක් ඒ වගේම මෙහි රංගනයෙන් Ryan Reynolds, Jeff Bridges,Kevin
Bacon සහ Mary-Louise Parker යන නළු නිළියන් දායකත්වය ලබා දී තිබෙනවා.
Kevin Bacon නම් අමතක වෙන්න විදිහක් නැහැ අපි ඔබ වෙත ලබා දුන් The
Following ප්‍රධාන චරිතය වූ රයන් හාඩි චරිතය රඟපෑවේ ඔහු විසින්. ඒ වගේම
අන්තර්ජාතික චිත්‍රපට දර්ශකය මෙය තක්සේරු කර තිබෙන්නේ ලකුණු 5.4 කට.
එහෙනම් මම කතාවට හැරෙන්නම්. පොලිස්
නිලධාරියෙක් ඉන්නවා නික් වෝකර් කියලා. ඔහු තමන්ගේ බිරිඳ සමඟ අනාගතය පිළිබඳව
සිහින දකිමින් යහපත් ජිවිතයක් වෙනුවෙන් මහත් අශාවෙන් බලා සිටින්නෙක්. ඒ
සඳහා ඔහු යම් පියවරක් පියවරවල් බොහොමයක් පසු කරමින් ලබාගන්නවා. ඒ කියන්නේ
දියුණු වෙන්න කෙටි මගක්. ඒ ඔහුගේ සගයා බොබී සමඟ එකතු වෙලා රත්තරන් වගයක්
දෙන්නා හවුලේ බෙදා ගන්නවා. නික් තමන්ගේ කොටස එයාගේ මිදුලේ වළක් හාරලා එහි
වලදානවා මතු ප්‍රයෝජනය උදෙසා. පසුව ඔහුට වැටහෙනවා මේ මාර්ගය හොඳ එකක්
නෙමෙයි ඒ නිසා එයින් ගැලවෙන්න. මේ බව එයාගේ සගයට කිව්වම ඔහුගේ ප්‍රතිචාරය
උනෙත් නික් හිතන දේ මයි.
එහෙත් එයාගේ යටි අරමුණ ඒක නෙමෙයි. ඒ
නිසා නික්ට සිද්ධ වෙනවා මීළඟ මත්ද්‍රවය වැටලීමේදී තමන්ගේ සගයාගේ උණ්ඩයක්
හමුවේ මිනිස් ජිවිතයට සමුදෙමින් සාමදානයේ සැතපෙන්න. ඔන්න දැන් තමා වැඩේ….
මැරුණ ගමන් මෙයාට තවත් පත්වීමක් ලැබෙනවා. ඒ තව මෙවැනි දෙපර්තුමෙන්තුවක්
නමුත් ටිකක් විකාරයි වගේ. එත් කරන්න වෙන විකල්පයක් නැහැ. එහෙනම් නික් මේ
මරණින් පස්සේ යන්නේ කොහෙද? එතකොට ඇයි බොබී මේ විදිහට මෙයාට වෙඩි තැබුවේ?
නික් සහ එයාගේ බිරිඳ ජුලියා මවපු ලෝකයට මොකද්ද වෙන්නේ? මේ සේරටම පිළිතුරු
ලබා ගන්න ඔයාල හැමෝටම නික් එක්ක සාමයේ සැතපෙන්න වෙනවා පැය 1.30 ක් පමණ.
ඔන්න පස්සේ නැගිටින්නේ නැතුව එහෙම ඉන්නේ නැහැ ඔන්න. අපි ගියා හැමෝටම ජයෙන්
ජය පතනවා තවත් දවසක මුණ ගැහෙනකන්.

5.4/1010,930 votes
76eae6482b901d5faf9de467a56b210996032326
4f59db44c18ca43c01e16d7aaad73e5feba937c6
ටොරන්ට්
ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google
හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක
බාගත කරගන්න
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-
අවශ්‍ය දෑ කඩල පිටි 250g පාන්පිටි 100g ලුණු තේ හැදි 1/2 මිරිස් කුඩු තේ හැදි 1-1/2 මද රස්නෙ වතුර අඩු කෝප්ප 1/2 පොල්තෙල් සුදුරු ඇට ...
0 comments:
Post a Comment