අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් සිංහල උපසිරැසි ගොනු ඇත්නමි රූපවාහිනී යන්ත්‍රයෙන්ද උපසිරැසි සමග චිත්‍රපටි නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් ඔබ සතුව ඇති සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)
මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)
උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.
මේ සියළු දේ පිළිබඳව ගැටළුවක් තිබේනම් හෝ වැඩේ හොදයි නමි පොඩි කමෙන්ට් එකක් දාන්න..
ඉදිරියේ දී සිංහල උපසිරැසි සමගම චිත්‍රපටි කේසර ලංකා බ්ලොග් අඩවියෙන් ලබා දීමට අප බලාපොරොත්තු
වෙනවා
0 comments:
Post a Comment