Sony සමාගම සිය නවතම Sony Xperia Z1 ස්මර්ට්ෆෝනය හදුන්වා දෙයි !!
IFA 2013 තාක්ෂණික ප්රදර්ශනය අතරවාරයේදී Sony සමාගම පැවැත්වූ Press event එක තුලදී Sony සමාගම විසින් සිය නවතම Xperia Z1 smartphone එක හදුන්වාදෙනු ලැබුවා. Qualcomm’s Snapdragon 800 quad-core processor එකකින්, 2GB RAM එකකින් හා Android 4.2 Jelly Bean මෙහෙයුම් පද්දතියෙන් මෙම නව Xperia Z1 smartphone එක බලගැන්වෙනවා. 5-inch ක 1080p Full HD TRILUMINOS display screen එකක් මෙම නව device එක සතු වන අතර, Xperia Z මෙන්ම මෙම නව Xperia Z1 smartphone එකත් ජලය ඇතුලට කාන්දු නොවනසේ නිමවූවක්. මෙහි පසුපස කැමරාව 20.7MP වනවා.
මෙම 20.7MP කැමරාව පැමිණෙන්නේ Sony සමාගමේ 27mm G Lens with F2.0 aperture, 1/2.3-type CMOS Exmor RS sensor හා BIONZ mobile processing engine එකක් සමගයි. ඒ වගේම Xperia Z1 smartphone එකත් සමග හදුන්වාදී තිබෙන Camera app එක සමගින් Sony සමාගම විසින් නව විශේෂාංග රැසක් හදුන්වා දී තිබෙනවා.
16GB ප්රමාණයේ storage එකක් සමගින් ඔබ අතට පැමිණෙන මෙම Xperia Z1 ස්මාර්ට්ෆෝනයෙහි 3000mAh බැටරියක්, 4G LTE වැනි තවත් විශේෂාංග රැසක් අන්තර්ගත වෙනවා. කළු, දම් හා සුදු යන වර්ණ ප්රබේද කිහිපයකින් ඔබට මෙම Sony Xperia Z1 smartphone එක මිලදී ගත හැකියි.
0 comments:
Post a Comment