කුරක්කන්
වියළි හා අතරමැද කළාපවල සාර්ථකව වගා කළ හැකි බෝගයකි. වර්තමානයේදී හෙක්ටයාර් 5000 පමණ වපසරියකට කුරක්කන් වගාව සීමාවී තිබේ. කෙසේ වුවද කුරක්කන් කෙරෙහි පවතින ඉල්ලුම නිසා මෑතකදී සිට ආනයනය කිරීමට පවා සිදුවී ඇත. එහි පවතින ඖෂධීය ගුණ නිසා බොහෝ දෙනෙකුගේ අවදානය මෙම වගාව කෙරෙහි මෑතකදී සිට වැඩිපුර යොමු වීමට හේතු වී තිබේ.
කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ජලය හොදින් බැස යන සාරවත් පසක් කුරක්කන් සඳහා ඉතා සුදුසුය. වගාව තුල ජලය රදා පැවතීම සුදුසු නැත. මහ කන්නයේදී වර්ෂා ජලයෙන් මෙන්ම යල කන්නයේදී ජල සම්පාදනය යටතේ මෙම බෝගය වගා කළ හැකිය.












0 comments:
Post a Comment