Guianawe Sathun Soya
Translation - Sujeewa Dissanayake ලොව සිටින අතිශය අමුතු සතුන් අතරින් කිහිප දෙනෙකුට ද, අතිශය සිත්ගන්නාසුලු සතුන් කිහිපදෙනෙකුට ද, අතිශය පිළිකුල දනවන සතුන් කිහිප දෙනෙකුට ද දකුණු ඇමරිකාව නිවහන වේ. ඇදහිය නොහැකි නොහැකි තරම් මන්දගාමී වේගයකින් යුතු මන්දයා සතුන් කිහිප දෙනෙකුට වඩා සිටින්නට නොහැකිය. ඌ උස ගස්වල උඩු යටිකුරු වී එල්ලී සිටී. උගේ සිරුර විකාර රූපී ස්වභාවයකින් යුක්තය. උගේ වලිගය අවුල් වූ බැනරයක් බඳු ය. වක් වී දිග්ගැසුණු උගේ හකුවල දත් රහිතය. අනෙක් අතට අතිශය අලංකාර කුරුල්ලෝ බහුල වශයෙන් වෙසෙති. බොහෝ දකුණු ඇමෙරිකානු සත්තු උන්ගේ පිළිකුල දනවන ගති ලක්‍ෂණ නිසාම අවධානය දිනා ගනිති. සතුන්ගේ මස් කන මාළු ගංගාවල පිරී සිටිති. යුරෝපයේ පුරාවෘත්තයක් වන, එහෙත් දකුණු ඇමෙරිකාවේ සත්‍යක් වන ලේ උරා බොන වවුලන් උන්ගේ ලැගුම් පොළවල සිට රාත්‍රියට පියඹා එන්නේ එළදෙනුන්ගෙන් සහ මිනිසුන්ගෙන් ලේ උරා බොන්නට ය.












0 comments:
Post a Comment