Samsung හි මීළඟ Smartphone සාමාජිකයා 64-Bit Processor එකක් සමඟයි පැමිණෙන්නේ
Samsung mobile හි business chief වන Shin Jong-kyun මහතා The Korea Times වලට අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන්ගේ ඉදිරි Smartphone නිර්මාණ වලට 64-Bit Processor එකක් හා ඒ හා සම්බන්ධ නවීන විශේෂාංග ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවයි. තවදුරත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ functionality පිලිබඳ පුවත් ඉක්මනින්ම එලි දැක්වීමට බලාපොරොත්තු නොවන බවයි.
Apple iPhone 5S Smartphones එකට 64-bit processor එකක් ඇතුලත් අතරම මෙවැනි විශේෂාංගයක් එක වූ ප්රථම smartphone එකත් මෙය වෙනවා. iPhone හි කලින් සාමාජිකයන් හා සසඳන කල Apple iPhone 5S හට වඩා වැඩි කාර්යක්ෂමතාවක් මෙමඟින් ලැබී තිබෙනවා.
Shin වැඩි දුරටත් කියා සිටියේ, Apple හි අරමුණ චීනයේ ඇති විශාල වෙළඳ පල තුල Apple නාමය රැඳවීම බවත් එය Samsung සමාගම විසින් හොඳින් අවබෝධ කර ගෙන ඇති බවත්ය. එමනිසා ඔවුන්ගේ ඉදිරි නිපැවුම් ඉතා තරඟකාරී ආකාරයෙන් නිම කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
“Samsung understands that Apple intends to boost its mobile business in China, as well as in Japan, meaning that we should try harder in these countries.”
ඉතින් ඔබ නවතම Samsung Smartphone ය මිලදී ගන්නවාද..?
0 comments:
Post a Comment