By kesaralanka September 14, 2013
ඕනෙම කෙනෙක්ගේ ID කාඩ් එක චෙක් කරන්න සොෆ්ට්වෙයා එකක්.
මෙන්න අපේ my computer කාගෙත්
ජනප්‍රියතාවයට පත් ඔබගේ වෙබ් අඩවියෙන් තවත් වටිනම සොෆ්ට්වෙයා එකක් දෙන්නයි
යන්නේ.මේක වයාපාරික අංශයේ ඉන්න ඔබටත් , office වල ඉන්න අයටත් වගේම තව ඔය
ණයට ගණුදෙනු සිදුවන ,
ඕනෙම කටයුත්තකට ID ( Identity ) එක බලලා විශ්වාසය ඇති කර ගන්න අයට මේ මෘදුකාංගය කියලා වැඩක් නෑ.
ඉතාමත් ප්‍රයෝජනවත් !
ඕනෙම ලාංකීය ජාතික හැදුනුම්පතක් චෙක් කරගන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන්.
ඒ වගේම මේක සිංහල සහ English ලෙස සොෆ්ට්වෙයා දෙකක්ම තියෙයි.තමන්ට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
මේකත් ලංකාවේ අපේ කෙනෙක්ගේ වැඩක් තමයි.
අනික් විශේෂම දේ තමයි මේක Install කරන්න ඕනේ නෑ.Double click කරලා open කරන්න විතරයි තියෙන්නේ හරිම ලේසියි.
සිංහල සොෆ්ට්වෙයා එක මෙන්න
Media-Fire link

( 396 kb ඉතා පුංචි සොෆ්ට්වෙයා එකකි )
English සොෆ්ට්වෙයා එක මෙන්නMedia-Fire link

( 72 kb ඉතා පුංචිම සොෆ්ට්වෙයා එකකි )
By kesaralanka September 14, 2013
By kesaralanka September 13, 2013
නොබෝදා HP සමාගම විසින් ඔවුන්ගේ නවතම Chromebook 14 හදුන්වා දෙනු ලැබුවා.
Intel සමාගමේ 4th Generation ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන මෙම නව Chromebook
එකෙහි මිළ ඇමෙරිකානු ඩොලර් 299.99 යි. Intel Haswell ප්‍රොසෙසරයෙන් බලගැන්වෙන පළමු Chromebook එක ලෙසින්ද HP සමාගමේ මෙම නව Chromebook 14 හැදින්විය හැකියි.
මෙහි විශේෂාංග ගැන කතා කරනවානම්, HP Chromebook 14 පැමිණෙන්නේ අගල් 14 ක
1366 x 768p WLED BrightView display screen එකක්, Intel’s 4th Generation
ප්‍රොසෙසරයක් හා 16GB / 32GB SSD එකක් සමගයි. ඊට අමතරව Wi-Fi හා 4G සහය,
HDMI port එකක්, memory card slot එකක්, USB 2.0 port එකක් හා USB 3.0 port
එකක් මෙම නව Chromebook 14 හි ඇතුලත් වනවා.
By kesaralanka September 12, 2013
වුවමනා ද්‍රව්‍ය
* පාන්පිටි කෝප්ප 1
* බිත්තර 4
* මිටි කිරි කෝප්ප 2
* සීනි මේස හැදි 1/12
* ලුනු ස්වල්පය
සාදන ක්‍රමය
* බිත්තර ගසා කිරි හා මිශ්‍ර කරන්න
* ඉන්පසු පිටි හා සීනිද ලුනුද දමා මිස්‍රණය සදා ගන්න
* ඉන්පසු තලතෙල් හෝ පොල්තෙල් තැවරූ
තැටියක් ලිප මත තබා රත් වූ පසු
මිශ්‍රණයෙන් හැන්දක් දමා තුනී කරන්න
* එක පැත්තක් ඉදුනු පසු අනෙක් පැත්ත දමා
පිසගන්න
* පොල්පැණි හෝ ජෑම් දමා හකුලා
ආහාරයට ගන්න
By kesaralanka September 12, 2013
Samsung හි මීළඟ Smartphone සාමාජිකයා 64-Bit Processor එකක් සමඟයි පැමිණෙන්නේ
පසුගිය අඟහරුවාදා Apple සමාගම විසින් iPhone 5S සහ iPhone 5C
හඳුන්වා දීමත් සමඟම කාගේත් අවධානය යොමු වුනේ Apple සමාගමේ ප්‍රධාන
තරඟකරුවා වගේම දැවැන්තම ප්‍රතිවාදියා Samsung සමාගම වෙතටයි. නමුත් Samsung
සමාගම නව ප්‍රවෘත්තියක් හෙළි දරව් කිරීමට වැඩි කාලයක් ගත කල බවක් නම්
පෙනෙන්නේ නැහැ.
Samsung mobile හි business chief වන Shin Jong-kyun මහතා The Korea
Times වලට අදහස් දක්වමින් කියා සිටියේ ඔවුන්ගේ ඉදිරි Smartphone නිර්මාණ
වලට 64-Bit Processor එකක් හා ඒ හා සම්බන්ධ නවීන විශේෂාංග ඇතුලත් කිරීමට
බලාපොරොත්තු වන බවයි. තවදුරත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ
functionality පිලිබඳ පුවත් ඉක්මනින්ම එලි දැක්වීමට බලාපොරොත්තු නොවන බවයි.
Apple iPhone 5S Smartphones එකට 64-bit processor එකක් ඇතුලත් අතරම
මෙවැනි විශේෂාංගයක් එක වූ ප්‍රථම smartphone එකත් මෙය වෙනවා. iPhone හි
කලින් සාමාජිකයන් හා සසඳන කල Apple iPhone 5S හට වඩා වැඩි කාර්යක්ෂමතාවක් මෙමඟින් ලැබී තිබෙනවා.
Shin වැඩි දුරටත් කියා සිටියේ, Apple හි අරමුණ චීනයේ ඇති විශාල වෙළඳ පල
තුල Apple නාමය රැඳවීම බවත් එය Samsung සමාගම විසින් හොඳින් අවබෝධ කර ගෙන
ඇති බවත්ය. එමනිසා ඔවුන්ගේ ඉදිරි නිපැවුම් ඉතා තරඟකාරී ආකාරයෙන් නිම කිරීමට
බලාපොරොත්තු වන බවත්ය.
“Samsung understands that Apple intends to boost its mobile
business in China, as well as in Japan, meaning that we should try
harder in these countries.”
ඉතින් ඔබ නවතම Samsung Smartphone ය මිලදී ගන්නවාද..?
By kesaralanka September 12, 2013
Mediafire වලින් අවුලක් නැතුව අපිට ඕනේ ෆයිල් හොයමු
කාලෙකින් ඔයාලට නියම වැඩක් කියලා දෙන්න යන්නේ.. කට්ටිය ගේම්, සොෆ්ට්වෙයාර්
එහෙම Torrent වලින් නැතුව Mediafire, Hotfile වගේ File Sharing වලින් බාන්න
කැමති. හැබැයි ලොකුම අවුල තමා කොහොමද අපිට ඕන මෘදුකාංග එහෙම Mediafire,
Hotfile වලින් හොයාගන්නේ කියලා.. හැබැයි ඒකට ලේසි ක්‍රමයක් තියෙනවා.
- මුලින්ම ඔයාලා Google එකට යන්න
- දැන් ඔයාලා මෙන්න මෙහෙම ඕකේ ටයිප් කරන්නකෝ
site:mediafire.com "Filename with extension"
site:mediafire.com brokenangel-arash.mp3
- දැන් ඔහොම ටයිප් කරලා එන්ටර් කරලා බලන්නකෝ
- දැක්කනේ ලිස්ට් එකක්ම ආවා නේද?
- ඔය වගේ අපිට වෙන අඩවියකත් හොයන්න පුලුවන්
site:hotfile.com "Filename with extension"
site:hotfile.com brokenangel-arash.mp3
- වැඩේ ගොඩ නේද? අවුලක් ආවොත් කියන්න. දැන් ඉතිං Mediafire ලිංක්ස් දාඩිය දාගෙන හොය හොයා හිටපු කාලේ ගියා..
වැඩේ හොඳනම් කමෙන්ට් එකක් දාලාම යන්න
By kesaralanka September 04, 2013
By kesaralanka September 04, 2013
By kesaralanka September 04, 2013
මීලග Android මෙහෙයුම් පද්දතිය “KitKat”

Android සහ Chrome අංශ වල ප්‍රධානියා වන Google
හි සේවය කරන Sundar Pichai විසින් Android හි මීළඟ සංස්කරණය KitKat ලෙසින්
නම් කරන බවට නිවේදනය කරනු ලැබුවා. ඔව්.. ඔබ මෙම නම හොඳින් අසා පුරුදුයි
නේද? KitKat කියන්නේ ඔබ හොදින් දන්නා Nestle සමාගම විසින් ඔවුන් විසින්
නිපදවූ රසවත් චොක්ලට් එකක නාමයක්. (Nestle සමාගම විසින් මෙම නම සඳහා US
හි Hersheyමඟින් අවසර ලබා ගෙන තිබෙනවා.) මෙම මෙහෙයුම් පද්ධතිය පිලිබඳ තොරතුරු ඇතුලත් සටහනක
සඳහන් වෙන්නේ නව Android 4.4 සංස්කරණයේ කේත නාමය KitKat වන බවයි. මෙම
නාමයත් සමඟම Android සංස්කරණ සඳහා විවිධ රසවත් අතුරුපස වල නම් දැමීමේ
ඔවුන්ගේ සම්ප්රදාය තව දුරටත් නොකැඩී පවත්වා ගෙන යාමක් වෙනවා.
Google විසින් මුලාරම්භයේදී මෙම Android 4.4 සංස්කරණය සඳහා Key Lime Pie ලෙස
නම් දැමීමට නියමිතව තිබුනද ඔවුන් පසුව එම නම වෙනස් කර KitKat යන නාමය
යෙදීමට තීරණය කරනු ලැබුවා. මෙයට හේතුව ලෙස BBC යට අදහස් දක්වමින් Android
partnerships හි අධ්‍යක්ෂක වන John Lagerling පවසා සිටියේ lime pie නම්
වූ අතුරුපස ආහාරයේ රසය බොහෝ දෙනෙක් අත්විද නොමැති බවත් ඒ නිසා බොහෝ දෙනෙක්
රස හඳුනන KitKat නාමය මේ සඳහා තෝරාගත් බවයි. (“very few people actually
know the taste of a key lime pie”)
Android coders ලගේ සහ Google සමාගමේ බොහෝ දෙනාගේ ප්‍රියතම අහාරය KitKat
වන බවත් එම නිසා අලුත්ම Android සංස්කරණයට මේ නම යොදා ගන්නා ලෙසට පසුගිය
වසරේදී කෙනෙකු විසින් යෝජනා කර තිබුන බවත් ඔහු සඳහන් කර සිටියා. තවදුරත්
අදහස් දක්වමින් Lagerling පවසා සිටියේ ”decided to reach out to the
Nestle folks.” Within 24 hours an agreement was made, though it’s
apparently “not a money-changing-hands kind of deal,” .
By kesaralanka September 04, 2013
Samsung සමාගමේ ප්‍රථම Smart Watch එක “Galaxy Gear” නිළ වශයෙන් හදුන්වා දෙයි !
Samsung Unpacked event
එක තුලදී මීට පැයකට පමණ පෙර Samsung සමාගමේ නවතම පැළදිය හැකි device එක
මෙන්ම සමාගමේ පළමු Smartwatch එක “Samsung Galaxy Gear” නමින් නිළ වශයෙන්
හදුන්වාදෙනු ලැබුවා. මෙම Smartwatch එක පැමිණෙන්නේ 320×320 pixels
resolution එකක් සහිත අගල් 1.6 ක Super AMOLED display screen එකක් සමගයි. ඒ
වගේම මෙම Samsung
Galaxy Gear Smartwatch එකෙහි BSI sensor හා auto-focus lens සහිත 1.9 MP
කැමරාවක්ද අන්තර්ගතයි. මෙම කමරාවෙහි සහය ඇතිව පින්තූර ලබාගැනීමට මෙන්ම
තත්පර දහයක 720P videos පවා record කිරීමට මෙම smartwatch එකට හැකියාව
තිබෙනවා.
ඒ වගේම මෙම Smartwatch එක සදහා Evernote, Path, RunKeeper, MyFitnessPal
හා eBay වැනි ජනප්‍රිය apps ඇතුළුව හවුල් කරුවන් 70 කගේ apps මේ වන විට
නිකුත් කර ඇතිබව Samsung සමාගම නිවේදනය කර සිටියා.
කෙසේ නමුත් මේ වන විට මෙම Samsung Galaxy Gear Smartwatch එක සහය
දක්වන්නේ නවතම Galaxy Note 3 හා Galaxy Note 10.1 යන device සදහා පමණයි.
කෙසේ නමුත් ඉදිරියේදී නිකුත් කරන Android 4.3 මෙහෙයුම් පද්දතියේ update
එකත් සමග මෙම Smartwatch එක galaxy S4 හා Note 2 සදහා සහය දක්වනු ඇතිබව
තවදුරටත් Samsung සමාගම පවසා සිටියා.
By kesaralanka September 04, 2013
Motorola සමාගම සිය නවතම Smartphone එක “Moto X” වෙළදපලට හදුන්වා දෙයි
බොහෝ කලක පටන් විවිද කටකතා වලට තුඩු දුන් Motorola සමාගමේ “Moto X”
ස්මාර්ට්ෆෝනය ඊයේ දිනයේදී Motorola සමාගම විසින් සිය නවතම ස්මාර්ට්ෆෝනය
ලෙසින් වෙළදපලට හදුන්වා දෙනු ලැබුවා. Motorola සමාගමේ නව X8 Mobile
Computing System සහ 1.7GHz dual-core based Snapdragon S4 Pro chipset
එකක් සමගිනුයි Moto X smartphone එක පැමිණෙන්නේ.
720p (316 ppi) pixels resolution එකක් සහිත අගල් 4.7 ක display screen
එකක්, 2GB RAM එකක්, 2200mAH බැටරියක්, 10MP ක පසුපස කැමරාවක් හා 2MP
ඉදිරිපස කැමරාවක් සමගිනුයි Moto X ඔබ අතට පැමිණෙන්නේ. ඒ වගේම USB
2.0, Bluetooth 4.0, 802.11a/b/g/n/ac, GPS හා GLONASS, Miracast Wireless
Display, NFC වැනි features රැසක් Moto X සතුව තිබෙනවා.
By kesaralanka September 04, 2013
Sony සමාගම සිය නවතම Sony Xperia Z1 ස්මර්ට්ෆෝනය හදුන්වා දෙයි !!
IFA 2013 තාක්ෂණික ප්‍රදර්ශනය අතරවාරයේදී
Sony
සමාගම පැවැත්වූ Press event එක තුලදී Sony සමාගම විසින් සිය නවතම Xperia
Z1 smartphone එක හදුන්වාදෙනු ලැබුවා. Qualcomm’s Snapdragon 800 quad-core
processor එකකින්, 2GB RAM එකකින් හා Android 4.2 Jelly Bean මෙහෙයුම්
පද්දතියෙන් මෙම නව Xperia Z1 smartphone එක බලගැන්වෙනවා. 5-inch ක 1080p
Full HD TRILUMINOS display screen එකක් මෙම නව device එක සතු වන අතර,
Xperia Z මෙන්ම මෙම නව Xperia Z1 smartphone එකත් ජලය ඇතුලට කාන්දු නොවනසේ නිමවූවක්. මෙහි පසුපස කැමරාව 20.7MP වනවා.
මෙම 20.7MP කැමරාව පැමිණෙන්නේ Sony සමාගමේ 27mm G Lens with F2.0
aperture, 1/2.3-type CMOS Exmor RS sensor හා BIONZ mobile processing
engine එකක් සමගයි. ඒ වගේම Xperia Z1 smartphone එකත් සමග හදුන්වාදී තිබෙන
Camera app එක සමගින් Sony සමාගම විසින් නව විශේෂාංග රැසක් හදුන්වා දී
තිබෙනවා.
16GB ප්‍රමාණයේ storage එකක් සමගින් ඔබ අතට පැමිණෙන මෙම Xperia Z1
ස්මාර්ට්ෆෝනයෙහි 3000mAh බැටරියක්, 4G LTE වැනි තවත් විශේෂාංග රැසක්
අන්තර්ගත වෙනවා. කළු, දම් හා සුදු යන වර්ණ ප්‍රබේද කිහිපයකින් ඔබට මෙම Sony
Xperia Z1 smartphone එක මිලදී ගත හැකියි.
By kesaralanka September 03, 2013
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
About
This just a demo text widget, you can use it to create an about text, for example.
Popular Posts
-
වම් කම්මුලේ හරි මැද වාසනාවන්ත ඇසේ ලපය ...
-
හැට්ට විලාසිතා අංක 01 අද මම කථා කරන්නේ වෙනදට වඩා ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. අපි සාරිය වගේම ඔසරියට නැතහොත් පහතරට හෝ උඩරට ක්‍රමයට හැඩගැන්වෙන...
-
පෙර දින ඔබට ගෙන ආ විලාසිතා බොහෝ දෙනා නරඹා තිබුනා.ඒ නිසාම 02වන විලාසිතා එකතුවත් ඉක්මනින්ම publish කරන්න ඹ්න කියලා තීරණය කලා.මෙන්න අපි බලමු වැ...
-